සෙවනගල හා පැලවත්තෙන් මහ වංචාවක තතු හෙළිවෙයි

New Day
0

2022 වර්ෂය සඳහා පමණක් සීමාසහිත ලංකා සීනී පෞද්ගලික සමාගම විසින් දිරි දීමනා සහ ප්‍රසාද දීමනා සඳහා පමණක් රුපියල් කෝටි 73කට අධික මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.

ජාතික විගණන කාර්යාලය විසින් ලංකා සීනී පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්ෂික විගණන වාර්තාවේ මේ බව සඳහන් වේ.

රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට අනුව පසුගිය වර්ෂය සඳහා ගෙවිය හැකි ප්‍රසාද දීමනාව රුපියල් දෙකෝටි අසූ හයලක්ෂයක් වුව ද රුපියල් විසිකෝටි එක්ලක්ෂ තුන්දහස් එකසිය විසි පහක මුදලක් වැඩියෙන් ගෙවා ඇති බව විගණනයේ දී අනාවරණය වී තිබේ.

වසර 2022 වර්ෂයේ දී සෙවණගල සහ පැලවත්ත සීනී සමාගම් සදහා ප්‍රසාද දීමනා සහ දිරි දීමනා වශයෙන් රුපියල් හැත්තෑ තුන්කෝටි හැට හත්ලක්ෂ විසිදහස් එකසිය විසි පහක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.

සෙවණගල අංශය සහ ප්‍රධාන කාර්යාලය සදහා ප්‍රසාද දීමනා සහ දිරි දීමනා වශයෙන් පසුගිය වසරට රුපියල් විසි දෙකෝටි අසූ හත් ලක්ෂ තුන්දහස් එකසිය විසි පහක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

පැලවත්ත අංශය සදහා රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට අනුව ගෙවිය හැකි දිරි දීමනාව රුපියල් අටකෝටි අසූ හතර ලක්ෂ හැට දහසක් වුව ද පනස්කෝටි අසූ ලක්ෂ දහ හත්දහසක් වශයෙන් රුපියල් හතලිස් එක්කෝටි අනූ පන්ලක්ෂ පනස් හත්දහසක මුදලක් දිරි දීමනා වශයෙන් වැඩියෙන් ගෙවා ඇති බව අනාවරණය වී ඇත.

ජාතික විගණන කාර්යාලය විසින් සිදු කළ සමාලෝචනයට අනුව 2022 වර්ෂයේ දී ලංකා සීනි පෞද්ගලික සමාගම රුපියල් හය බිලියන හාරකෝටි පනස් පන්ලක්ෂ හැත්තෑ පන්දහස් අටසිය හැත්තෑ එක ලාභයක් උපයා ඇති බව සඳහන්ය.

එය පසුගිය වර්ෂයට සාපේක්ෂව රුපියල් පස් බිලියන විසි දෙකෝටි පනස් අට ලක්ෂ හතළිස් හයදහස් හත්සිය හැත්තෑ නවයක වර්ධනයක් බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

මේ අතර පසුගිය වසරේ විගණන වාර්තාවට අනුව රුපියල් දසකෝටි හැට ලක්ෂ පනස් එක්දහස් තුන්සිය හැත්තෑවක් වටිනා අයිතම 4,558ක් අවශ්‍යතා නිසි පරිදි හඳුනා නොගෙන මිල දී ගැනීම හේතුවෙන් වසර 05ක් තුළ ගබඩාවේ රඳවා තිබෙන බව අනාවරණය වී තිබේ.

ඊට අමතර ව පැලවත්ත අංශය විසින් කල්බදු පහසුකම යටතේ 2013 වර්ෂයේ දී රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂ හාරදහස් අටසිය පනහක පිරිවැයක් දරමින් මිල දී ගනු ලැබූ ක්‍රේන් යන්ත්‍රයක් සැපයුම්කරු විසින් එකඟ වූ පරිදි කර්මාන්ත ආයතනය තුළ ස්ථාපිත නොකිරීම හේතුවෙන් ප්‍රයෝජනයට ගත නොහැකි ව පවතින බව ද පසුගිය වසර සඳහා ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top