රොෂන්ගේ හිතුවක්කාරකම විශාල කරදරයක් වුණානේ...

New Day
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශීය ක්‍රිකට් තරග පැවැත්වීමට හැකියාව ඇතත්, එම තරග සඳහා පළමු පෙළ තත්ත්වය නොලැබීම නිසා මේවන විට ක්‍රිකට් පිටිය විශාල අභියෝගයකට මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හි තරගාවලි සභාපති සමන්ත දොඩංවල මහතා කියයි.

මේ තත්ත්වය හේතුවෙන් මෙරට සිටින පිටරටවල ගොස් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ ක්‍රීඩකයන්ගේ හීන විනාශ වී ඇති බවද ඔහු පෙන්වාදෙයි.

එසේම දේශීය ක්‍රීඩා පිටිය හරහා මුදල් හම්බකර ගත් තරුණ ක්‍රීඩකයින්ගේ ආදායම් මාර්ගයට ද පහර වැදී ඇතැයි ඔහු කියා සිටී.

ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටී.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි  ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීන්දු කිරීම පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දේශපාලන ගැටීම නිසා ඇති වූවක් බව ක්‍රීඩා විචාරක මතය වේ.

ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග නවයෙන් හතක් පරාජය වීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ කණ්ඩායමෙන් පිට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණු වගත් එය තවත් දවස් දෙකකින් තමන් හෙළි කරන බවත්ය. 

ප්‍රමෝද්‍ය මේ සබන්ධව  කිසිවෙකුට ප්‍රසිද්ධියේ මෙතෙක් චෝදනාකර නැතත් ඔහු විසින් කිරීමට යන හෙළිදරව්වේදී හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.  

කෙසේ වෙතත් මෙලෙස  සිදුකළ කුමන්ත්‍රණය කුමක්ද යන්න සඳහන් නොවුණත් පසුගිය කාලයේදී ඇතැම් ක්‍රීඩකයන් තේරීමේදී යම් යම් බලපෑම් සිදුවූ බව ක්‍රිකට් ආරංචි මාර්ග වලින් අනාවරණය විය. 

එහෙත් කුමන්ත්‍රණය එයද යන්න හෙළිදරව් කළ යුත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසිනි.

රොෂාන් ආණ්ඩුව බිඳින දේශපාලන කුමන්ත්‍රණයට හවුල්

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර ඇති වී තිබෙන දැවැන්ත ගැටුම හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරය තුළ බරපතළ මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ආණ්ඩුවේ මැති ඇමැතින්ගෙන් එක් කණ්ඩායමක් සම්පූර්ණයෙන් ක්‍රිකට් ආයතනයට පක්ෂවත් කිහිපදෙනකු රොෂාන් රණසිංහ මහතාට වක්‍රවත් සහාය ලබාදෙන්නට එකඟ වී ඇති බව සඳහන් වේ. 

විශේෂයෙන් ක්‍රිකට් සම්බන්ධයෙන් ගැටලුව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකර එකවර පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමත් විපක්ෂය සමඟ එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමත් ගැන ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් සිය විරෝධය ක්‍රීඩා අමාත්‍යවරයාට එල්ලකර තිබේ. 

එසේම කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය සම්බන්ධයෙන් මෙම සිදුවීමේදී ගැටලුවක් ඇතිවී ඇති බවද එම මැති ඇමතිවරු පෙන්වා දී ඇතැයි පැවසේ.

විශේෂයෙන් කැබිනට් මණ්ඩලයත් ජනාධිපතිවරයාත් දැනුවත් නොකර මෙලෙස අමාත්‍යවරයා ක්‍රියාකිරීම එකඟ නොවිය හැකි හැසිරීමක් බව ආණ්ඩුවේ මැති ඇමතිවරු පෙන්වා දී ඇත. 

ඒ නිසා මෙය දේශපාලන කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ මතය වී ඇත.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් ආයතනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තීරණය කර ඇති බවද පැවසේ.

දැනටමත් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් පතමින් යන බවද දැනගන්නට ඇත.





Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top