2024 අය වැය අද පාර්ලිමේන්තුවට

New Day
0


2024 වර්ෂයට අදාළ රජයේ වියදම් ඇතුළත් 78වන අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දහවල් 12.00ට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිතව ඇත.

නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 13 වැනි දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

2024 වසරට සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක් වන අතර 2023 වසරේ එම වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657ක් ලෙසයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබේ.

ඉතිහාසයේ බරපතළම අභියෝගාත්මක අයවැය බවට මෙවර අයවැය පත්වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් පෙන්වා දේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top