අය වැය දෙවනවර කියවීම අද

New Day
0


කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය අද (14) සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිතව ඇත.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සදහා වන ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 06ට පැවැත්වන බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

අයවැය විවාද කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 09.30 සිට 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් සඳහා කාලය වෙන්කර ඇති අතර අනතුරුව විවාදය පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත් වේ.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top