2023 ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

New Day
0


ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති 2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කඩුලු 6 කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීමත් සමඟ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා ලබා ගත්තේ ලකුණු 240 ක් පමණි.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් KL Rahul  ලකුණු 66 ක්, Virat Kohli ලකුණු 54 ක් හා Rohit Sharma ලකුණු 47 ක් ලබා ගන්නා ලදී.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Mitchell Starc කඩුලු 3 ක් හා Josh Hazlewood හා Pat Cummins කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම 43  වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණි.

පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Travis Head ලකුණු 137 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Marnus Labuschagne ලකුණු 58 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah කඩුලු 2 ක් හා Mohammed Shami එක් කඩුල්ලක් බිඳ හෙළිමට සමත් වුණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top