STF නිලධාරීන් දෙදෙනෙකුට මරු කැදවූ ඩිෆෙන්ඩර් රථ අනතුර

New Day
0


වවුනියාව - හොරොව්පතාන මාර්ගයේ 1 කණුව අසලදී ඊයේ (09) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මඩුකන්ද කඳවුරේ රාජකාරිකළ නිලධාරීන් 07දෙනෙකු ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට ලක් වී ඇත.

වර්ෂාව පැවති අවස්ථාවේ ,ඩිෆෙන්ඩර් ජීප් රථය මාර්ගය හරහා ගමන් කරමින් සිටි හරකෙකුගේ ගැටීමෙන් රියදුරුට පාලනය කර ගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ ගැටීමෙන් ඊයේ  රාත්‍රි 9.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.  

මෙම අනතුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඔවුන් කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි 29 හා 31 හැවිරිදි පුද්ගලයන්ය, සෙසු නිලධාරීන් 05දෙනා තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුලත් කොට ඇත. තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top