දකුණේ පාසල් යළි ඇරඹේ..

New Day
0


ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් පවතින යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (
11) සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ඊයේ (09) සහ අද (10) දිනයේ වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.

ඇතැම් පාසල් මේ වන විට ආරක්ෂිත කඳවුරු ලෙස යොදාගෙන ඇති අතර තවත් පාසල් කිහිපයක ගොඩනැගිලි පැවති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්ව ඇති බව සඳහන්ය.කෙසේ වෙතත් ගංවතුර හේතුවෙන් හානියට පත් පාසල්වල තත්ත්වය පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම විදුහල්පතිවරුන්ට පැවරෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම වර්ෂාපතනය පහව යාමක් පෙන්නුම් කලද ඇතැම් පාසල්වල පන්ති කාමර තුළ ජලය රදාපවතින බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව පවතින සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් පවත්වාගෙන යාමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවෙරන බවද පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසුවේය.

Ada Derana

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top