ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වසර 74ක් සැපිරේ..

New Day
0


ජාතියේ ආරක්ෂකයන් ලෙසින් ජනතා ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අද (10)ට යෙදී ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 ඔක්තෝබර් 10දා මෙරට ස්ථාපිත කර ඇත.

ඒ වෙනුවෙන් යුද හමුදා මුලස්ථානය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති අතර, සම්මාන පෙළපාලියක් ද පනාගොඩ කඳවුරේදී අද උදෑසන පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.

මේ නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314ක් සහ සෙසු නිලයන් 1,565ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබීම විශේෂත්වයකි.

ලොව සිටින නිර්භීත මෙන්ම විනයගරුක මානව දයාවෙන් පිරිපුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පසුගිය මානුෂිය මෙහෙයුමේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොටි ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා කරන ලද විශ්මිත විජයග්‍රහණය සමස්ත ජනතාවගේ හදවත් තුළ අදත් නොමැකී පවතී.

මේ මොහොතේදීත් දකුණේ ගංවතුරින් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසමින් ජාතික ආපදාවන්හිදී ජනතාවගේ පිහිටට එන එදා මෙදා තුර මාතෘ භූමියට එරෙහිව එන කොවිඩ් 19 වසංගත තත්වයන් වැනි ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණදී ජය ගැනීමේ ශක්තිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතුය.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙවරත් 74 වැනි සංවත්සර සැමරුමට සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය අභිමානවත් සැමරුම් සිදුකළ අතර, මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදූ හා රණක්ෂිතයට පත් විරෝදාර රණවිරුවන් ඇතුළු සමස්ත යුද්ධ හමුදාව මේ මොහොතේ සිහිපත් කරනු ලබයි.
 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top