ඇහැලියගොඩ OIC අභිරහස් ලෙස ජීවිතක්ෂයට

New Day
0


ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා හිසට වෙඩි වැදිමෙන් අද (21) අලුයම සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

මෙම පොලිස් පරීක්‍ෂකවරයා කලුතර ප්‍රදේශයේ විසූ හතළිස් දෙවැනි වියේ පසුවූ දෙදරු පියකි.

හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් ඇතිව ස්ථානාධිපතිවරයා අලුයම් කාලයේදීම ඇහැලියගොඩ මුලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.

මෙම වෙඩි තැබීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩි දුර විමර්ශන ඇහැළියගොඩ පොලසීය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top