ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු ජය වාර්තා කරයි.

New Day
0



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මූලික වටයේ 19 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 49 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගන්නා ලදී.

පන්දුවට පහරදීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Sybrand Engelbrecht ලකුණු 70 ක් හා Logan van Beek ලකුණු 59 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 263කි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මදුෂංක කඩුලු 4 ක් කසුන් රාජිත කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුනි.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 54 ක්, චරිත් අසලංක ලකුණු 44 ක් හා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් රැසක් කළේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top