එජාප විශේෂ මහා සම්මේලනය අද

New Day
0


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද (21) පස්වරු 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

නව ලොවට මුහුණදෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩනැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා පක්ෂයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම මෙහිදී සිදු කෙරේ.

මේ අතර, චීනයේ සිව් දින නිල සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20) රාත්‍රියේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම සම්මේලනයට සහභාගීවීමට නියමිතව ඇත.

සම්මේලනයට සහභාගි වීමට වෘත්තියවේදීන්, බහු ජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රාශියක් ඉල්ලා ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාව අනුමත කිරීමට හැකි පිරිස්වලට සම්මේලනයට ආරාධනා කර ඇති බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top