සජිත්ට එරෙහිවූ DSI ඉංජිනියරින් හි අධ්‍යකෂ රන්දික හා චන්දුලටත් අධිකරණ නියෝග

New Day
0

DSI සැම්සන් සමූහයට අයත් සැම්සන් ඉන්ජිනියර්ස් ආයතනය පවත්වාගෙන යාමට එහි කළමනාකාර අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතාට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙස එම සමාගමේම අධ්‍යක්ෂවරුන් දෙදෙනකු වන රන්දික රාජපක්ෂ හා චන්දුල රාජපක්ෂ සහ එම සමූහය‌ේ ලේකම්වරිය වන වරුණි ද සිල්වාට කොළඹ වානිජ  මහාධිකරණය විසින් ඊයේ (18) නියෝග කළේය.      


සජිත් විසින්, අදාළ නඩුව ගොනුකරමින් අදාළ අධ්‍යක්ෂවරුන් දෙදො හා සමාගම් සමූහයේ ලේකම්වරිය තමාට ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවන ආකාරයට කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් නීති විරෝධී ලෙස බලපෑම් කරණ බව පෙන්වා දී තිබේ.

එසේම එතෙක් ආයතනය පවත්වාගෙන ගිය ආකාරයට පරිබාහිරව, ආයතනික කටයුතු පවත්වාගෙනයාමට අපහසුවන ආකාරයට සමාගමේ වැඩ හිතාමතා අඩපණ කිරීම අරමුණ කරගනිමින් ආයතනික කටයුතු සඳහා හිතාමතා අතපොවමින් නිතර රැස්වීම් පවත්වමින් තමන්ගේ පරිපාලන කටයුතු සඳහා බාධාකරණ බවද සජිත් සිය පෙත්සම ගොනුකරමින් පෙන්වාදී ඇත.

මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන DSI සැම්සන් සමාගමේ අධ්‍යක්ෂවරු අතර ගැටුම් මතුවූයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු විසින් අදාළ  සමාගමේ කොටස් සහ ලාභාංශ  පවුලේ සාමාජිකයන් අතර සාධාරණව බෙදා වෙන්කරගැනීමට ඉදිරිපත් කරණ ලද යෝජනාවක් සමඟය.

හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා එම යෝජනාව DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ පසුගිය (2023) අප්‍රේල් මුල් සතියේදීය.

මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක් පමණ වන අතර ඉන් ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපය මෙහෙයවනු ලබන්නේ අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයන් විසින්ය.

සජිත එම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ එක් පුත්‍රයකු වන අතර අදාළ සමාගම් ජාලයේ වැඩිම විදෙස් විනිමය ගෙන එන සමාගම වන සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම මෙහයවනු ලබන්නේ සජිත් රාජපක්ෂ විසිනි.

සබැඳි පුවත්
DSI සැම්සන් ලොක්කෝ යළි අධිකරණයට
කසුන් හා තුසිත නිසා DSI සමූහයේ අධ්‍යක්ෂ කචල් දිග්ගැස්සෙයි; අධිකරණයටත් යයි
DSI සැම්සන් හි MD කසුන් ඇතුළු අධ්‍යක්ෂවරුන්ට නොතීසි



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top