ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි දිවයිනට පැමිණේ..

New Day
0


ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය පස් දින නිල සංචාරයක් සඳහා ඊයේ (18) සවස කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු මෙරට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම සංචාරය අතරතුර ඇය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මේ වනවිට ලොව පුරා රටවල් 170 ක් නියෝජනය කරන සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති දැවැන්ත සංවිධානයක් වන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානය , ලෝක වෙළඳ සංවිධානය (W.T.O. ) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ( W.I.P.O. ) යන සංවිධාන නියෝජනය කරන එකම වානිජ මණ්ඩලයයි.

එසේම මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ “තිරසර නාගරීකරණය” පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකාවක් ද වේ.

ඒ අනුව ඇගේ මෙරට සංචාරය, ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනය කෙරෙහි ද සැලකිය යුතු ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇති බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකාවේ සභාපති නීතිඥ ඇන්තනි ශනිල් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කොටස් වෙළඳපොළට අද පැමිණ සම්ප්‍රදායික සීනුව නාද කිරීමේ විශේෂ අවස්ථාවටද එක් වීමට නියමිතව ඇත.

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top