ගාසා තීරයේ රෝහලකට රොකට් ප්‍රහාරයක්

New Day
0


ජීනීවා සම්මුතියේ යුද නීතිද උල්ලංඝනය කරමින් ගාසා තීරයේ පිහිටි අල් අහ්ලි නමැති රෝහලකට ඊයේ (18) රාත්‍රීයේ රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල වන මොහොතේදී රෝහල් වෙත ප්‍රහාර එල්ල නොවීමේ විශ්වාසය මත සිවිල් ජනතාව විශාල පිරිසක් රැස්ව සිටි බැවින්  රෝගීන්, වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ සිවිල් ජනතාව ඇතුළු පුද්ගලයන් 500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද වාර්තා වේ.

මේ අමානුෂික ප්‍රහාරයෙන් මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම රොකට් ප්‍රහාරය පලස්තීනයේ ජිහාඩ් කණ්ඩායමක් විසින් වැරදීමකින් සිදු කළ බවට ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඊශ්‍රායලය විසින් බව හමාස් සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top