හර්ෂ බහුජාතික සමාගම්වලට යටවෙලා

New Day
0


බහුජාතික සමාගම් ආරක්ෂා කිරීම සඳහා ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කරන බවට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට එල්ල වෙන චෝදනා පිළිබඳව මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.

මේ ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වා ඇති අදහසකි.

"හර්ෂ ද සිල්වා මහතා වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වැරැදි 6ක් කරනවා.

1. ඔහු මේ අර්බුද අවස්ථාවේ දී රටට රු. මිලියන 2000 ක ආදායමක් අහිමි කරනවා.

2. ආනයන දිරිමත් කර ඩොලර් අර්බුදය වර්ධනය කරනවා.

3. බහුජාතික සමාගම්වලට සහන දීලා දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වට්ටනවා.

4. ගැසට් නිවේදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් තීරණයක් ගැනීම කූඨ ලෙස වළක්වා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම.

5. මුදල් කාරක සභාවේ මූලික වගකීමක් සභාපතිවරයා ලෙස, විශේෂයෙන්ම බහුජාතික සමාගමකට වාසි සැලසීමේ යටි අරමුණ සහිතව පැහැර හරිනවා.

6. නීතිය නමා සමාගම්වලින් අයුතු වාසි ලබාගන්නා බවට චෝදනා එල්ල වන  ආකාරයට ක්‍රියාකිරීම මගින් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීම."

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top