මානූෂීය සටන් විරාම යෝජනාව සම්මතයි

New Day
0


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.

සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මෙම සැසියේ දී මෙම යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 120ක් ලැබි ඇති අතර ඊට විපක්ෂව ඡන්ද 14ක් ලැබී ඇත.

ශ්‍රී ලංකාව මේ සඳහා පක්ෂව සහාය ලබා දී අති අතර රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබේ.

ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මේ වන විට හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් 1400ක් පමණ මිය ගොස් ඇති අතර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

ගාසා තීරයේ තීව්‍ර වන මරණ සංඛ්‍යාව සහ විනාශය, ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීම සඳහා “මානුෂීය සටන් විරාම” සඳහා ජාත්‍යන්තර සහයෝගය මේ වන විටත් ඉහළ නංවා ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top