බදු දැලෙන් පනින්නන්ට තිත තියන රැමිස් දෙසැම්බරයේ

New Day
0


බදු නොගෙවන ව්‍යාපාරිකයන් හා බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත්  ක්‍රමවේදයක් ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

මෙම තොරතුරු පද්ධතිය රැමිස් ( Random Access Management Information System) ලෙස නම් කර ඇත.

මෙම නව පද්ධතිය මගින් ආදායම් බදු එකතු කර ගන්නා නිලධාරීන්ට එකතු කිරීමට පහසු කිරීමටත් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම රැම්ස් පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වීමට නියමිතයි.

බදු ගෙවීම් වලට අදාළ ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසෙයි.

මීට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ලංකාවට හඳුන්වා දී නිලධාරීන් විදෙස් රටවලට ද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන පුහුණුව දී තිබුණත් නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කර ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසුව සාගල රත්නායක මහතාට උපදෙස් දී ඇත්තේ මෙම රැම්ස් පද්ධතිය ක්‍රියාත්මක කොට පවත්වාගෙන යන ලෙසයි.

ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා කොට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන අතර දත්ත එකතු කිරීමේ ජාලයක් ද මේ යටතේ නිර්මාණය වෙයි.

මෙම පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි රජයේ බලය ලත් ප්‍රධානීන් ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ පරිගණකයෙන් පරීක්ෂා  කරන්නට ද අවස්ථාව සැලසේ.

ලංකාදීප

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top