වප්පුර පසළොස්වක පොහොය අද

New Day
0

වප්පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබේ.

වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේ සිදුව ඇත.

භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේ ද මෙම පොහොය දිනයේදීය.

එමෙන්ම සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහැර පාමින් වැඩසිට ඇත්තේ ද අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ දැක්වේ.

සැරියුත් මහ නාහිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, මෛත්‍රී බෝ සතාණන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පොහොය දිනය ලෝකවාසී බෞද්ධයන්ට වැදගත් වේ.  

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top