විදුලි බිලත් ඉහළට

New Day
0


ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි.

ඒ අනුව 0 සිට 30 දක්වා පැවති ඒකකයක් සඳහා රුපියල් 10ක් පැවති ගාස්තුව රුපියල් 12කින් ඉහළ යන අතර, 150ක පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 දක්වා ඉහළ දමා ඇත.

එසේම ඒකක 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට අවසර ලබාදී ඇති අතර එහි ස්ථාවර ගාස්තුවද 300 සිට 360 දක්වා ඉහළ දමා  ඇත.

ඒකක 61 සිට 90 දක්වා ඒකකයක් සඳහා 35ක පැවති ගාස්තුව 41 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 400 සිට 480 දක්වා ඉහළ දමා තිබේ.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක් සඳහා 50 ක පැවති ගාස්තුව 59 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 1000 සිට 1180 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන් වේ.

ඒ අනුව සම්පූර්ණ ගාස්තු වැඩිවන ආකාරය පහතින්.







Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top