ණය ප්‍රශස්තකරණයට චීනයේ පූර්ණ සහාය

New Day
0


මධ්‍යකාලීන-දීර්ඝකාලීන වශයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීනයේ පූර්ණ සහාය ලබා දෙන බව චීන මුදල් අමාත්‍ය ලියු කුං මහතා පවසයි.

ඊයේ (19) පෙරවරුවේ බීජිං නුවරදී පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අතර චීන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඇගැයීමට ලක් කල ආමත්‍යවරයා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් චීනය ඉදිරියේදිත් පූර්ණ සහාය ලබාදෙන බව සදහන් කළේය.

චීනය සමඟ සමීපව කටයුතු කරන වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් චීන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ අතර ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ චීනය ලබා දුන් සහාය ඉතා අගය කරන බවද පැවසු ජනාධිපතිවරයා තරගකාරී ඩිජිටල් හා හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Divaina

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top