සියලුම රාජ්‍ය සේවකයෝ සදුදාට වැඩ වර්ජනයේ

New Day
0


විශ්‍රාම වැටුප් විෂමතාව සදහා ඉක්මන් විසදුම් ඉල්ලමින් හා වැටුප රුපියල් විසි දහසකින් වැඩි කරන ලෙසත් ඉල්ලා රට පුරා සියලුම රාජ්‍ය සේවකයෝ ලබන සදුදා දැවැන්ත වැඩ වර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් වීමට නියමිතය.

ඒ අනුව රට පුරා මුළු රාජ්‍ය සේවයම අනිද්දා පාරට බැසීමට සූදානම් බව  වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කෙරේ.

ඉදිරියේදී රුපියල් 20,000ක් වැටුපට එක් කරන ලෙස ඉල්ලා පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය අංශය ඇතුළු සියලු සේවකයන්ද මෙවැනිම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටීමට නියමිතයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top