ඉන්ධන මිල ඉහලට..

New Day
0


ලංකා IOC හා සිපෙට්කෝ, සිනොපෙක් ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහල දැමූ බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 4 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 3 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් 62 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 365 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 242 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top