මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම ගැනත් සොයන්නැයි ටිරාන් කියයි

New Day
0


මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු - ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වී රට හැර යාම  හා  ඔහුට එල්ලවූ බාහිර බලපෑම් සම්බන්ධයෙන්  විධිමත් පරීක්ෂණයක් සිදු කරන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ සිදුවීම පිළිබඳ ව වැඩිදුරටත් සොයා බලන ලෙසට උපදෙස් ලබා දී ඇත.

තමන්ට මරණීය තර්ජන ඇතැයි පවසමින්  අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් සරවනරාජා මහතා පසුගිය 29දා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි. 

අදාල සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද  අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබුණු අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුත්ත මෙන්ම කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ සිදුකෙරුණේ සරවනරාජා මහතා ඉදිරියේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top