ගෑස් මිල යලි ඉහළ යන ලකුණු

New Day
0


මේ වන විට ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලබන මස සිට ගෑස් මිල සංශෝධනය කිරීමත් සමග ගෑස් මිල යලි ඉහළ යන බව අනාවරණය වී ඇත.

ඒ අනුව රුපියල් 500 කට වැඩි මුදලකින් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සමාගම් තීරණය කර ඇත.

පසුගිය 5 වනදා අවසන් වරට ගෑස් මිල ඉහළ දැමීම සමග මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,470 කටත් ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් ලෙස අලෙවි වේ.

ඒ අනුව ලබන මස පස්වනදා සිට යළි ගෑස් මිල ගණන් සංශෝධනය වීමට නියමිතව ඇත.

Hiru News

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top