ප්‍රදේශ කිහිපයකට නායයෑම්; දක්ෂිණ අධිවේගී මාර්ගයත් අවහිර වේ.

New Day
0


පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයෑම් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට හා වැලිමඩ රේන්දපොල අබේවෙල ලෝකාන්තය වෙත පිවිසීමට ඇති මාර්ගගයන් වසා දමා ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර කිලෝමීටර් 102 කණුව ආසන්නයේදී පස්කඳු කඩාවැටීම නිසා එම කොටස අවහිර වී තිබේ.

මේ හේතුවෙන් මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වේ,

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉමදූවෙන් පිටවී කොළඹ දෙසට යන විට නැවත පින්නදූවෙන් ඇතුළු වන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය රියදුරන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

එසේම වැලිමඩ රේන්දපොල අබේවෙල ලෝකාන්තය මාර්ගය පවතින අධික වර්ෂාවත් සමඟ නාය ගොස් තිබෙනවා.

කළු පාලම අසල මෙම ගිලා බැසීම සිදුව ඇති අතර මේ හේතුවෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමූ බව කැප්පෙටිපොල පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙම ගිලාබැසීම හේතුවෙන් ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව ඇති අතර ඉන් ත්‍රිරෝද රථ රියදුරාට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top