චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව වේ.

New Day
0


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත.

ලකුණු 114 ක් රැස් කරමින් කඩුලු 5 ක් ලබා ගනිමින් එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය මෙම සම්මානය ලබාදී ඇති බව සඳහන් වේ.

එම සම්මානය සදහා නිර්දේශ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ලෝරා වොල්වාඩ් සහ නෙඩීන් ඩි කල්ර්ක් පරදවා 33 හැවිරිදි චමරි අතපත්තු ICC සැප්තැම්බර් මස ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට (ICC women’s player of the month for September 2023) පාත්‍ර වී ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top