ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති තහනම් කෙරේ ; මාතර ප්‍රදේශයේ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

New Day
0


පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම නීතිය උල්ලංඝනය කරන පිරිස් වෙත දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මාතර ප්‍රදේශයේ ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට හා විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වැනිදාට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, දුරකථන අංක 0412 234 134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස ඔවුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වන දින පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙවර විභාගය මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top