යාපනය සරසවියේ මහාචාර්යවරුන් දෙදෙනෙක් හොඳම විද්‍යාඥයන් හා පර්යේෂකයන් අතරට

New Day
0


ඇමරිකාවේ
Stanford විශ්වවිද්‍යාලය සහ Elsevier යන විශ්වවිද්‍යාල විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ හොඳම විද්‍යාඥයන් හා පර්යේෂකයන් දෙදෙනකු ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු තෝරා ගෙන තිබේ.

ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් හා පර්යේෂකයන් 38 දෙනකු අතරින් මෙලෙස හොඳම විද්‍යාඥයන් හා පර්යේෂකයන් දෙදෙනා ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්නරාජා සතිපරන් සහ මහාචාර්ය ආර්. මධනරංජන් යන ආචාර්ය්වරුන් තේරී පත් වී ඇත.

විද්‍යාත්මක ක්ෂේත්‍ර 22කින් සහ උප ක්ෂේත්‍ර 176 කින් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් තෝරාගෙන ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර වාර්ෂිකව විවිධ සාධක මත පදනම්ව විද්‍යාඥයන් ශ්‍රේණිගත කරමින් මොවුන් තෝරා ගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දිවයින


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top