ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

New Day
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (06) නියෝග කළාය.

යූටියුබ් නාළිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මොහොමඩ් නබි තුමා ඇතුළු ආගමික නායකයන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට ජමියතුල් උලමා සංවිධානයේ සභාපති, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇතුළු 12 දෙනකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනයකට අනුව සැකකාර ඉන්දික තොටවත්ත මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ පරිගණක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ චෝදනා ගොනු කරමිනි.

ඒ අනුව ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (06) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ ඔහු සවස 4.30ට පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරු ඉදිරිපත් කිරිමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කළ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ අපරාධයක් සිදුව ඇද්දැයි විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top