කුරුඳුවත්තේදී දොස්තර පුතා යට කළ කොස්තාපල් මියයයි

New Day
0

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ.


අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි.

සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාරක අනතුර සම්බන්ධයෙන්, තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වන 28 හැවිරිදි තරුණයකු කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට  ගත් මෙම සැකකාර තරුණයා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ පොලිස් රෝහලේ සේවය කළ වෛද්‍යවරයකුගේ පුතකු බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top