ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටේ

New Day
0


ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අද (30) උදෑසන සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 09 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රියක් හා විසාග් සිට රායිගාද් බලා යන සීඝ්‍රගාමී දුම්රියකි.

සංඥා නොමැතිව ධාවනය වූ විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රිය, අලමන්දා සහ කන්ඨකපාලේ අතර, කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බවත්, විසාග් සිට රායිගාද් බලා යන සීඝ්‍රගාමී දුම්රිය එම දුම්රියේ ගැටුන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරෙන් දුම්රිය දෙකේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගොස් තිබූ අතර ඒවායේ සිරවුණු පිරිස් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනය පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top