පර්සි අබේසේකර දිවි ගමනින් සමුගනී

New Day
0


මෙරට ක්‍රිකට් දිරිගන්වන්නා ලෙස ප්‍රචලිත පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වී ඇත.

රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු අසූ හතක් විය.

පර්සි මුල් වරට සිංහ කොඩිය අතින් ගෙන කණ්ඩායම දිරි ගැන්වීම සිදු කරන්නේ 1979 වසරේදී පැවති ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත සංචාරය තුලයි.

එතැන් පටන් දශක ගණනාවක සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගන්වන්නා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි පර්සි අබේසේකර, දේශීය මෙන්ම විදේශීය ක්‍රිකට් ක්‍රීඩාංගනවල සිංහ ධජය ඔසවමින් ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ ජය පැරදුම හමුවේ සිටි මෙරට ජනප්‍රියම ක්‍රිකට් ප්‍රේක්ෂකයා ලෙස හැදින්විය හැක.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top