දියඇලි ආශ්‍රිතව දියනාන්නන්ට අනතුරු ඇගවීමක්

New Day
0


පවතින  අධික වර්ෂාව හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වන විට බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාවනා ඇල්ලේ හා ඒ අවට දියඇලි ආශ්‍රිතව ජලය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල දියඇලි ආශ්‍රිතව දියනෑමෙන් වැළකී සිටින ලෙස සංචාරකයන් ඇතුළු පිරිස්වලින් ඉල්ලීමක් සිදු කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top