මැරූ අලින්ගේ ගජමුතු අවිස්සාවේල්ලෙන්

New Day
0


රුපියල් කෝටි 60ක් වටිනා ගජමුතු හයක් විදේශිකයකුට විකිණීමට උත්සාහ දැරූ අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද(22) අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, සැකකරු විසින් ඉතා දුර්ලභ ගණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු 06ක් විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානමින් සිටි බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉන්දියාවේ ඉංජිනේරුවෙකු ලෙස උපාය දූතයෙකු යොදා මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම ගජමුතු අනුරාධපුර නොච්ච්යාගම ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බව සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී සොයාගෙන ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top