ස්වභාවික ආපදා අවදානම අවම කිරීමේ දිනය අදයි

New Day
0


එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති ස්වභාවික ආපදා අවදානම අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට (13) යෙදී තිබේ. 1989 වසරේ සිට මෙම දිනය ක්‍රියාත්මක වේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ලොව පුරා සිටින මිනිසුන් ආපදාවලට නිරාවරණය වීම පාලනය කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ලොව පුරා පැවැත්වේ.

ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ වසරකට මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 60,000කට අධික වන අතර මෙහිදී ගෝලීය තිරසාර සංවර්ධනය මත ඍණාත්මක බලපෑම් එල්ල වන බව එම සංවිධානය පෙන්වා දේ.

එමෙන්ම දේශගුණික විපර්යාස සමග ඇති වන ගෝලීය ආපදාවලින් 75%ක් පමණ කාබන් විමෝචනය ඉහළ යාම හමුවේ සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

(News 1st)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top