ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයන්ට දැනුම්දීමක්.

New Day
0


ලෙබනනය සහ සිරියාවට ආසන්නයේ ඇති නහරියා, අකෝ, හයිෆා, තිබෙරියා, නසරිත් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් ඊට ආසන්නව ඇති නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කළයුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් කර ඇත.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළඟ තබාගන්නා ලෙසත් ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.

කෙසේවෙතත් ඊශ්‍රායල් රජය විසින් ආරක්ෂක හමුදා එම ප්‍රදේශවෙත යොමුකර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව තානාපති කාර්යාලය පවසයි.

මේ අතර ගාසා තීරයේ උතුරු ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දකුණු ප්‍රදේශ වෙත ඉවත්වීම සඳහා ඊශ්‍රායල රජය විසින් පැය 24ක කාලයක් ලබාදී තිබේ.

Dinamina

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top