චීනයේ හිටපු අගමැති මිය යයි

New Day
0


චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කච්‍යං (Li Keqiang) අද (27) ෂැංහයි නගරයේ දී අභාවප්‍රාප්ත වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දිනවල විවේක ගැනීම සඳහා ෂැංහයි නගරයට ගොස් සිටි ලී කච්‍යං මහතාට ඊයේ (26) හදිසි හෘදයාබාධයක් වැළඳී තිබූ අතර සියලු  ප්‍රතිකාර හා දිවි ගලවා ගැනීමේ ප්‍රයත්න  අසාර්ථක වීම නිසා මධ්‍යම රාත්‍රියේ හෙතෙම ජීවිතක්ෂයට පත් ව ඇත.

අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි.

ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ 17, 18 සහ 19 වැනි මධ්‍යම කාරක සභාවන් හි දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජිකයෙක් වූ ඔහු පසුගිය මාර්තු මාසයේ සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top