වාර්තා බිද දමමින් ලියෝ ඉදිරියටම

New Day
0


තලපති විජේ රංගනයෙන් යෙදෙන ‘ලියෝ’ සිනමාපටය මේ වන විට වාර්තා පිට වාර්තා තබමින් තිරගත වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.

ලියෝ සිනමාපටය තිරගත කළ ආරම්භක දිනයේ සිට සති අන්තය වන විට ගෝලීය බොක්ස් ඔෆිස් හි තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් වී තිබේ.

මේ වනවිට ලොවපුරා තිරගත වීමෙන් උපයාගත් මුදල ඩොලර් මිලියන 31.2කි.

Leonardo DiCaprio, Robert De Niro සහ Lily Gladstone රංගනයෙන් දායකවන Martin Scorsese ගේ Killers of the Flower Moon සිනමාපටය අභිබවා යෑමටත් තලපති විජේගේ ‘ලියෝ’ සිනමාපටය සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භාරතය පුරා ලියෝ චිත්‍රපටය පළමු දින හතර තුළදී කෝටි 400කට අධික ආදායමක් උපයාගෙන ඇති බවත් එය දෙමළ චිත්‍රපටයක් සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම සති අන්ත එකතුව බවත් ලියෝ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ නිල වාර්තා තහවුරු කෙරේ.

සෙවන් ස්ක්‍රීන් ස්ටුඩියෝ යටතේ ලලිත් කුමාර් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් මෙනන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙන මෙම සිනමාපටයේ ශ්‍රී ලාංකික සිනමා රසිකයින්ගෙන්ද සිනමා ශාලා පිරී ගොස් තිබූ බව වාර්තා වේ.

Divaina 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top