හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

New Day
0


මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය හෙට (28) පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් හෙට (28) රාත්‍රී 11.32ට චන්ද්‍රයා පෘථිවියේ උපචායාවට ඇතුළු වීමත් සමඟ අර්ධ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන අතර එය පියවි ඇසට පෙනෙන කොටස ඉරිදා (29) දින අලුයම 01.05ට දර්ශනය වේ.

මෙම චන්ද්‍රග්‍රහණයේ මුළු කාලය පැය 04කුත් විනාඩි 25ක් වන අතර ඉරිදා (29) අලුයම 03.56ට පෘථිවියේ උපචායාවෙන් චන්ද්‍රයා ඉවත් වීමත් සමඟ මෙහි අවසානය සිදු වන බව මහාචාර්‍යවරයා අවධාරණය කරයි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට අමතරව යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස් වන බව වාර්තා වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top