සටන් විරාම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල අගමැති

New Day
0


ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසයි.

ටෙල්අවිව් නුවරදී විදෙස් මාධ්‍ය අමතමින් ඔහු පවසා ඇත්තේ, සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම යනු පුද්ගලයන් 1,400ක් පමණ මරාදමා ප්‍රාණ ඇපකරුවන් ලෙස තවත් 230ක් අල්ලාගත් හමාස් සංවිධානයට හා ත්‍රස්තවාදයට යටත් වීමක් සිදුවන බවත්, එවැන්නක් සිදුනොවන බවත්ය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මේ, යුද්ධය සඳහා කාලයක් බවත්, මෙම සටන ජයගන්නා තෙක් ඊශ්‍රායලය සටන් වදින බවත්ය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන මානූෂීය සටන් විරාමයක් සඳහා යළිත් ඉල්ලීම් කර තිබුණි.

යුනිසෙෆ් සංවිධානය පවසා තිබුණේ ගාසා තීරයේ තත්ත්වය පැයෙන් පැයට දරුණු වන බවත්, මෙම ඇවිලෙන සටන් වල සත්‍ය පාඩුව මැනෙනු ඇත්තේ දරුවන්ගේ ජීවිත වලින් බවයි.  


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top