කෝටි 7 ක වී තොග උස්සලා

New Day
0


කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ වී ගබඩා දෙකක රුපියල් කෝටි 7 ක වී තොග අස්ථාන ගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කරයි.

මේ අනුව වී කිලෝ ලක්‍ෂ 6 1/2 ත් 7 ත් අතර ප්‍රමාණයක් නිකවැරටිය හා මහව වී ගබඩාවලින් අස්ථානගතවී ඇති බව අනාවරණය වේ.

නිකවැරටිය හා මහව වී ගබඩාවල 2014න් පසු වී තොග සම්බන්ධයෙන් සංගණනයක් සිදුව නොමැති බවත් මෙම කෝටි 7 ක් පමණ වටිනා වී තොග අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන සඳහා දැනුම් දීමට පියවර ගත් බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මහව සහ නිකවැරටිය ගබඩාවල මෙම වී අතුරුදන්වීම සිදුව ඇත්තේ 2020, 2021 වසරවල බව සඳහන් කළ ඉද්දමල්ගොඩ මහතා තමා සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු දැනට දිවයින පුරා ඇති වී ගබඩා 350 කට ආසන්න සංඛ්‍යාවෙන් වී තොග සහිත වී ගබඩාවල තොග පිළිබඳව තවදුරටත් විමර්ශන සහ අධීක්‍ෂණයන් කරන බව ප්‍රකාශ කරයි.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල වී ගබඩාවේ තොග ස්ථාපනයක් සිදුකර ඒ පිළිබඳව වාර්තාවත් කෘෂිකර්ම අමාත්‍යතුමාට භාරදෙන බවද ඔහු කීවේය.

දිවයින

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top