ලෝක කුසලාන ක්‍රිකට් සමාරම්භක උලෙළ අවලංගු කෙරේ..

New Day
0


2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උලෙළ ආරම්භවීමට පැය 24ක් තිබියදී එය හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සමාරම්භක උලෙළ  අද (04) පස්වරු 7ට අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබී ඇත.

උත්සවය අවලංගු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ නිල සමාරම්භක උත්සවයක් නොපැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවට ද මාධ්‍ය වාර්ති පලව ඇත.

මෙදින ක්‍රිකට් තරගාවලියේ ‘නායකයින්ගේ දිනය‘ ලෙසින් නම් කොට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ක්‍රිකට් නායකයින් ලෙස ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඇතුළු කණ්ඩායම් නායකයින් 10 දෙනෙකු මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීම සිදු කිරීමට කටයුතු සැලසුම් කළ පරිදි සිදු වෙද්දී සමාරම්භක උත්සවය අවලංගු කිරීම සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක් නොකිරීම පිළිබඳ බොහෝ දෙනා විමතිය පළ කරති.

ආශා බෝස්ලේ, රන්වීර් සිං, ආර්ජිට් සිං, ෂෙර්යාස් ඝෝෂාල් ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය චරිත රැසකගේ සහභාගීත්වයෙන් ගිනිකෙළි සහ ලේසර් සංදර්ශන ඇතුළත්ව අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සූදානම්ව තිබූ මෙම සමාරම්භක උත්සවයට විශාල ප්‍රේක්ෂක පිරිසක් උලෙළ නැරැඹීමේ අපේක්ෂාවෙන් සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මෙම සමාරම්භක උත්සවය වෙනුවට මේ 14 වැනිදා අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයට පෙර විශේෂ උත්සවයක් සංවිධාන කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානම් වනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද ආරක්ෂක හේතුන් මත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිදු වන බොහෝ කටයුතු සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරයන් සිදු නොකිරීමට සංවිධායකයෝ වගබලාගෙන සිටිති.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top