ශිෂ්‍යත්ව විභාගයට දින නියම වේ..

New Day
0


2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතය.

විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තැපැල් මගින් මේ වනවිට යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට එම ලේඛනය https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් භාගත කරගැනීමේ හැකියාව පවතී.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top