හෝමාගම උසාවියෙන් එලියට එද්දී කාන්තාවකගේ ගෙලට පිහි පහරක්

New Day
0


අද (25) සවස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකට සහභාගි වී යළි පිටතට පැමිණෙමින් සිටි කාන්තාවකගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී පළාගිය පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බව  හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 35 හැවිරිදි පූගොඩ ප්‍රදේශයේ කාන්තාවකි.

තමන්ගේ නිවසේ තිබූ පවුම් පහකට ආසන්න රත්‍රං භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැක බවට අදාල කාන්තාව විසින් පාදුක්ක පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුවන නඩු විභාගයකට පෙනී සිටීම සදහා මෙම කාන්තාව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ යළි නිවසට යාම සදහා අධිකරණය ඉදිරිපිට නවත්වා තිබූ තම යතුරුපැදියට නැගීමට යාමේදී එක්වරම ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස තියුණු ආයුධයකින් ගෙල ට ප්‍රහාරයක් එල්ලකර පළාගොස් ඇති බව පොලීසිය කීය.

තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළු කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තම සහෝදරයා සහ ඔහුගේ බිරිද සැක බවට එම කාන්තාව පොලීසියට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබදව පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව හෝමාගම මූලස්ථාන පොලීසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

Ada Derana

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top