පනාපුත්‍ර කුහුඹුපැණියාණෙනි ඔබට සුබ ගමන්

New Day
0


ප්‍රවීණ රංගධරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු මෙන්ම ගායකයකු ද වූ “පනාපත්‍ර කුහුඹු පැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිතව ඇත.

මහජන ගෞරව දැක්වීම සඳහා දේහය අද දහවල් 12.00 දක්වා නිවසේ තැන්පත් කිරීමෙන් අනතුරුව සවස 3.00 ට නිවසේ ආගමික පිළිවෙත් වලින් පසු අවමංගල පෙරහැර රාගම පේදුරු පාවුළු දේවස්ථානයට ලගා වීම සිදු කෙරෙන අතර සවස 5.00 ට දේහය මිහිදන් කිරීමට නියමිතව ඇති බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කරයි.

2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය, වන අලියෙකුගේ ගැටී , අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී අනතුරකට ලක් විය. බරපතළ ලෙස රෝගාතුර වූ ජැක්සන් ඇන්තනී මහතා පළමුව අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරිණි. අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබීය. කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ඔහු ප්‍රතිකාර ලැබූ අතර ඉකුත් සදුදා දින (9)  අලුයම අභවප්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය.

ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස 16 වතාවක් දිනාගත් රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ අයකි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top