ලීසිං සමාගමකින් බසය ඉස්සුවාට අයිතිකරු කැලණි ගඟට පැන දිවි නහගෙන

New Day
0


වාරික මුදල් නොගෙවීම හේතුවෙන් මූල්‍ය සමාගමක් බස් රථය අත් පත්කර ගැනීම නිසා සිත් තැවුලට පත්ව කැලණි ගඟට පැන තිබූ ව්‍යාපාරිකයකුගේ මළ සිරුර දින 6කට පසුව වැල්ලම්පිටිය කොටුවිල කළු පාලම යට කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමු වූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ දොම්පේ තිත්තපත්තර මාලිද පාර පදිංචිව සිටි ව්‍යාපාරිකයකු වූ චන්ද්‍ර තාරක බණ්ඩාර නමැති 42 දෙදරු පියෙකි.

ඔහු විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයෙකි.

මියගිය අය ඉකුත් 22 වැනිදා දොම්පේ, ගිරිදර, සමනබැද්ද පාලම අසලින් කැලණි ගඟට පැන අතුරුදන් වූ බවට දොම්පේ පොලිසිය වෙත එම ව්‍යාපාරිකයාගේ පියා වන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පැමිණිලි කර තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය ඉදිරියේ මියගිය පුද්ගලයාගේ සහෝදරයකු පැමිණ මළ සිරුර හඳුනාගනු ලැබුවේ දකුණු අතේ ගැටගසා තිබූ පිරිත් නුල්වලින් සහ ඇඟිල්ලක ඇතිව තිබූ ආබාධයකින් බව බව පොලිසිය කියයි.

මළ සිරුර පොලිස් මෝචරියේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික උප පොලිස් පරීක්ෂක ධනුෂ්ක මහත්තුරුන් පරීක්ෂණ පවත්වයි.

දිනමිණ

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top