ඊශ්‍රායලයේ වීරවරියක් වූ අනුලාගේ අවසන් කටයුතු අද

New Day
0


දිවි  පරදුවට තබමින් තමන් සේවය කළ නිවෙස් හිමි කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ අනුලා රත්නායක මහත්මිය ඊශ්‍රායල් රජය විසින් වීරවරියක් සේ සැලකීමට පියවර ගෙන තිබේ.

මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කිරීමට නියමිත අතර මේ වනවිට දේහය තැන්පත් කර තිබෙන්නේ, දළුගම පිහිටි ඇයගේ නිවසේ ය.

සාත්තු සේවිකාවක් වශයෙන් සේවය කළ නිවෙසේ සිටි වයෝවෘද්ධ කාන්තාවක් වන එටී මොරාඩෝ මහත්මිය කාමරයක ඇඳක් යට සඟවා ඇයගේ ජීවිතය බේරා ගැනීමට අනුලා රත්නායක මහත්මිය පියවර ගෙන ඇත.

ඒ අවස්ථාවේ අවට සිදු වන්නේ කුමක්දැයි විපරම් කිරීම සඳහා නිවෙසින් එළියට පැමිණෙන විට හමාස් සටන්කාමීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අනුලා රත්නායක මහත්මිය අතුරුදන්ව සිටි අතර පසුව අනාවරණය වූයේ, යුධ ගැටුම් අතරතුර ඇය මිය ගිය බවයි.

වසර 10 ක් ඊශ්‍රාලයේ සේවය කර ඇති 49 හැවිරිදි අනුලා රත්නායක මහත්මිය, දෙදරු මවකි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top