මිලියන ගණන් පාඩු ලැබූ ගුවන් යානා ප්‍රමාදය

New Day
0


ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද දිනයේ (02) විශේෂ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

විවිධ හේතූන් මත පසුගිය දිනවල සිදුවූ ගුවන් යානා කිහිපයක ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 06 ක පමණ අලාභයක් සිදුව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එහිදී අවධාරණය කර ඇත.

පසුගිය දිනවල ගුවන් ගමන් 08ක් පමණ ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව කරුණු විමසීම සඳහා එම ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

නේපාලයේ කත්මන්ඩු නුවර බලා සහ ඉන්දියාවේ මුම්බායි වෙත ගමන් කිරීමට තිබූ යානා ප්‍රමාද වීමෙන් ඒවා අවලංගු කිරීමටයි පියවර ගැනීමත් සමග මෙහි ආසන්නම සිදුවීම ඊයේ දිනයේ වාර්තා වුණි.

මෙම සාකච්ඡාවේදී ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ ඒවා වළක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් පුලුල් ලෙස අවදානයට යොමුකර ඇති අතර ගුවන් සමාගමේ පවතින අභ්‍යන්තර ගැටලුවලට කඩිනමින් විසදුමක් නොගතහොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබද තීරණයක් ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් ඇත.

මේ අවස්ථාවේදී සේවකයන්ට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවද අමාත්‍යවරයා එහිදී පැවසීය

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top