ශීඝ්‍රයෙන් පැතිර යන ඇස් රෝගයක්

New Day
0


දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල වෛරසයක් හේතුවෙන් පැතිර යන ඇස් රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවදානයෙන් පසුවේ.

එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි අතර එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය මෙහි රෝග ලක්ෂණ වන අතර මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දේ.

කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් අතරද මෙම රෝගය ව්‍යාප්තවී ඇති අතර එම රෝගී දරුවන් වාර්තා වූ පන්ති කිහිපයක් පැවැත්වීම තාවකාලිකව නතර කළ බව එහි විදුහල්පතිවරයා සඳහන් කරයි. 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top