වැඩිවන ෆේස්බුක් පැමිණිලි..

New Day
0


2023 වර්ෂ්යේ ගත වූ මාස 9 කාලය තුළ ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි 23,534ක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ලැබී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසයි.

මින් සියයට 70ක ප්‍රමාණයක් කාන්තාවන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි බව වාර්තා වේ.

වැඩිපුරම පැමිණිලි සංඛ්‍යාවක් රැකියා ලබාදෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචා සම්බන්ධයෙන් වන අතර අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පිරමීඩ වංචා,ව්‍යාජ ෆේස්බුක් නිර්මාණය, ෆේස්බුක් ගිණුම් හැක් කිරීම ඇතුළු තවත් පැමිණිලි ලැබී ඇතැයි ඔහු පවසයි.

වැඩිපුරම ෆේස්බුක් පැමිණිලි මැයි මාසයේ ලැබී ඇති අතර එම ප්‍රමාණය 3328 ක් බවත් ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි 101 ක්‍ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.  

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top